Sinhala Instant Word Translate Extension for Chrome
LKTips | English - Sinhala instant word translation for Web Browsers
LKTips English - Sinhala Instant Word Translate Extension for Chrome
ක්‍රෝම් සඳහා ඉංග්‍රීසි – සිංහල එසැන වචන පරිවර්ථක ඇඩෝනය
LKTips මගින් ඔබ කියවන වෙබ් පිටුවක ඇති ඉංග්‍රීසි වචන සිංහලට පරිවර්ථනය කර පෙන්වයි.
ඔබ කළ යුතු වන්නේ ඔබට සිංහල තේරුම අවශ්‍ය වචනය මත මොහොතක් මුසික දර්ශකය (mouse point)
රඳවා තබා ගැනීම පමණකි. මේ ඇඩෝනය සියළුම ක්‍රෝම් සංස්කරණ සඳහා සහය දක්වයි.
ඉංග්‍රීසි භාෂාව සිංහල අපට එතරම්ම හුරු භාශාවක් නොවෙයි. එය නොදැන සිටීම ලැජ්ජාවට කාරණයක්
නොවෙයි. නමුත් එදිනෙදා කටයුතු වලදී අපට නිතර ඉංග්‍රීසියත් සමඟ ගණුදෙණු කිරීමට සිදු වෙනවා.
අප නොදන්නා වචන ඉංග්‍රීසි භාෂාවේ එමටයි. ඒ හේතුවෙන් යමක් කියවීමේදී බොහෝ ශෙනෙක්
අපහසුතාවයට පත් වෙනවා. නිතර අන්තර්ජාලය පරිහරණය කරන ඔබත් ඉංග්‍රීසි වෙබ් පිටු කියවීමේදී
මේ අපහසුතාවයට මුහුණදී ඇති.
මේ ප්‍රශ්නයට අනගි විසඳුමක් ලෙස LKTips ඇඩෝනය හඳුන්වන්නට පුළුවන්.