background img

The New Stuff

Showing posts with label advices. Show all posts
Showing posts with label advices. Show all posts


කාර්යබහුල දිවියට මද විරාමයක් ලබාදෙමින් පූජනීය නගරයට ඇතුළුවූයේ ශ්‍රීමා බෝ සෙවනේදී සිත් පහන් කර ගැනීමටය.
බෝපත් සිළි සිළි හඬ දෙමින් සිතට බුද්ධාලම්භන ප‍්‍රීතියක් එක් කළ අතර හඳුන්කූරු, පහන් හා මල්වල එකතු වූ අපූරු සුගන්දය පුන්‍ය භූමියේ පහන් සිතිවිළි තවතවත් වර්ධනය කළේය.
ජයසිරි මා බෝ සමිඳු අභියස දොහොත් මුදුන් දී වන්දනා කළ මා කිරි සුදු පාටින් බබළමින් අහස් කුස සිපගැනීමට වෙරදරන සෑ රදුන් දෙසට ගමන් කළෙමි.
”දුවේ ඔයාට මතකද? අපි හැම පෝයකටම මෙහෙට එනවා. මගේ දු මතක් කරන්න රත්තරං”
සවන වැකි ඒ අනුවේදනීය හඬ ආ දෙස මම හැරී බැලූවෙමි.
දිගු සුදු ගවුමකින් සැරසී කොණ්ඩය තනි කරලට ගොතා සිටි සුන්දර තරුණියකි. පෙනුමේ හැටියට ඇයට වයස අවුරුදු 15 ක් හෝ 16 ක් විය හැකිය. කිසිදු හැඟීමක් ඵල නොකළ ඇය සෑරදුන් දෙස අර්ථ විරහිතව බලා සිටියාය. ඒත් ඒ නෙත්හි කුමක් හෝ ලොකු දුකක් වේදනාවක් සැඟවී ඇති බව මට වැටහී ගියේ ඇගේ දෑසෙන් ගලා යන කඳුළු නිසාවෙනි.
ඇය අසල සිටි මැදිවයස් ගැහැනිය ඇගේ අම්මා විය හැකිය. මම ඇය දෙස බැලූවෙමි.

”අනේ බලන්න දුවේ, රත්තරන් වගේ හිටපු මගේ කෙල්ලට වෙච්ච දේ. කතා කරන්නෑ, හිනාවෙන්නෑ, කිසිම දෙයක් කියන්නෑ, බලාගත්ත අතේ බලාගෙන ඉන්නවා. මෙයා මෙහෙම හිටපු කෙනෙක් නෙවෙයි.” ඇගේ දෙනෙතින් කඳුළු කැට කඩා හැළෙන්නට විය. මම ඇය දෙසට හැරුනෙමි.
”ඇයි දුවට මොකද වුණේ”
මම ඇගෙන් විමසුවෙමි. සියලූ සත්ත්වයින්ගේ සිතට සැනසුමක් ලබාදෙන මේ පින්බිමේ සිට ඇය ඒ සෝචනීය පුවත දිග හැරියාය.
”අපි මෙහෙ අය නෙවෙයි දුවේ. අපි ගාල්ලේ. මට ඉන්නේ මේ දුව විතරයි. මගේ මහත්තයා නැතිවුණේ මම තරුණ කාලේ. මේ දරුවා නිසා මම ආයේ විවාහයක් වුණේ නෑ. මම හැමදේම කළේ මේ දරුවා සතුටින් තියන්න. එයාට ඉල්ලන ඉල්ලන දේ ගෙනැත් දුන්නා. ඒත් එයාගේ සැප වෙනුවෙන් භෞතික දේවල් එකතු කරපු මට එයාව ටික ටික ලොකු වෙනවා කියලා හිතුනේ නෑ. මට එයාව තේරුම් ගන්න බැරිවුණා....”
මම යළිත් ඒ අහිංසකාවිය දෙස හැරී බැලූවෙමි. මේ සුන්දර පුංචි කෙල්ලට ඇත්තටම මොකද වුණේ. ඔවුන් ජය සිරිමා බෝ සමිඳුගේ පිහිට ඉල්ලා ශුද්ධ නගරයට පැමිණ ඇත. මම නැවතත් ඒ අහිංසකාවියගේ මව දෙසට හැරුණෙමි.
”මම ගොඩක් මහන්සිවෙලයි මේ දරුවා ලොකු මහත් කළේ. මගෙ දුව ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි. සාමාන්‍ය පෙළ විභාගය හොඳටම පාස්වුණා. එයා විභාගය හොඳට පාස්වුණොත් ලැප්ටොප් එකක් අරගෙන දෙන්න මම පොරොන්දුවෙලා හිටියේ. ඒ නිසා මම දුවට පරිගණකයක් අරගෙන දුන්නා. අපේ ගෙදර මගේ නංගි කෙනෙකුත් හිටියා.
උසස් පෙළ පංති පටන්ගන්න තුරු දුව හිටියේ ගෙදර. නංගී දුවගේ තනියට ඉන්න නිසා මම බයනැතිව වැඩට ගියා. ඒත් දුව හිටියේ වෙනම කාමරයක. එයා පාඩම් වැඩ කරනවා ඇති කියලා නංගිත් වැඩිය එයාගේ කාමරයට ගිහින් නෑ. දුව විද්‍යා අංශයෙනුයි උසස් පෙළ කරන්න බලාපොරොත්තු වුණේ. ඒ නිසා මම ඉන්ටනෙට් ලයින් එකත් අරගෙන දුන්නා.

මම දැනගෙන හිටියේ නැතිවුණාට දහය වසර ඉඳලා දුවට පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබිලා තියෙනවා. එයා ගෙදර හිටියට ඒ ළමයත් එක්ක නිතරම ස්කයිප් එකෙන් කතා කරලා.
දවසක් හයියෙන් කතා කරන සද්දයක් ඇහෙන නිසා නංගි දුවගේ කාමරයට ගිහින්. එයා දොර රෙද්ද අයින් කරලා බලද්දි දුව ඒ පිරිමි ළමයත් එක්ක රණ්ඩු වෙනවලූ. මම හවස ගෙදර ආවහම මේ විස්තරේ නංගී කිව්වා. මම දුවගෙන් ඒ ගැන ඇහුවා.
ඒ පිරිමි දරුවා දුවගෙම පන්තියේ ළමයෙක්. අම්මලා තාත්තලත් වැදගත් අය. ඒ නිසා මම ඒ දරුවත් එක්ක කතා කළා. ඒ ළමයා එයාගේ මව්පියෝ මට මුණගැස්සුවා. අපේ දරුවෝ පුංචි කාලෙදිම ඒ වගේ දේකට අනුබල දීලා අපි ලොකු වැරැුද්දක් කළේ.
ඇයගේ දෑස් අගින් කඳුළු බිංදු ගලාගෙන යන්නීය. සැබැවින්ම එය වරදකි. තාරුණ්‍යයට ආදරය දැනෙයි. ඔවුන් ආදරය සොයා යයි. ඒත් ඉගෙන ගන්නා වයසේ බාලවයස්කාර දරුවන්ට විවාහයක පදනම ඇතිව එවැනි සම්බන්ධතා පවත්වන්නට දීම කොතරම් යෝග්‍යය ද යන්න ගැටළුවකි. ඇගේ එම ලිහිල් ප‍්‍රතිපත්තියම අද ඇයට කඳුළු උරුම කර දී ඇත.
ඒත් එම අහිංසකාවියට මෙම තත්ත්වය උදාවූයේ කෙසේද? තවමත් ගැටළුවකි. මම නැවතත් ඇගේ මව් දෙසට හැරුනෙමි.
”අපි දෙපැත්තෙන්ම කතා කරාට පස්සේ මේ දරුවෝ ගොඩක් හොඳට හිටියා මිස්. ඒත් ආයෙත් කාලයකට පස්සේ දෙන්නා ස්කයිප් එකෙන් නිතර නිතර රණ්ඩුවෙනවා කියලා නංගී කිව්වා. මම දුවගෙන් ඒ ගැන අහලා බැලූවා. එයා කිව්ව දේ මට විශ්වාස කරන්නත් බැරිවුණා දුවේ.’’
”ඒ පිරිමි ළමයා නිතරම නිල් චිත‍්‍රපටි බලනවලූ. ඒවා බලලා දුවත් එක්ක කියනවලූ. දුව ඒකට කැමති නෑ. ඒ නිසා රංඩු වෙනවා කියලා දුව කිව්වා.”
අද අහන්න දකින්න ලැබෙන දේත් එක්ක මම ඉක්මන්වෙලා ගත්ත තීරණේ භයානකකම ගැන හිතුනේ ඒ වෙලාවේ. මට ඉන්නේ දුව විතරයි. මම කැමති නෑ එයා අඬනවා බලන්න. ඒ නිසා මම ඒ දරුවාගෙ අම්මලාට කතා කරලා එයා නිල් චිත‍්‍රපටි බලන එක ගැන දැනුම්වත් කළා. එයාලගේ අම්මලත් ඒ දරුවට අවවාද කරලා තිබ්බා.
එදායින් පස්සේ සතියක් විතර ඒ දරුවා අපේ දුවට කතා කරලා නෑ. දවස් දෙක තුනකින් විතර දුවට එයාගේ යාළුවෝ කතා කරලා එයාගේ නිරුවත් ෆොටෝ ඉන්ටනෙට් එකේ තියන බව කියලා තියනවා. මුලින් දුව ඒක මට හැංගුවා. ඒත් අන්තිමට දුව මට ඒ ගැන කිව්වා.
ඒක එහෙම වුණේ කොහොමද කියලා දුව මට කලින් කිව්වේ නෑ. එයා මුලින්ම කිව්වේ එයාගේ ෆේස්බුක් ගිණුමේ තිබුණ ෆොටෝ අරගෙන වෙනස් කරලා හදලා දාලා තියෙන්නේ කියලා. ඒත් ප‍්‍රශ්නෙ ටික ටික දුරදිග ගිය නිසා එයා මට හැමදේම කිව්වා.
අර ළමයාට නිල් චිත‍්‍රපටි බලන්න එපා කිව්වාම එයා කියලා ඒවා නොබලා ඉන්නනම් දුවගෙ පින්තූර එවන්න කියලා. දුව ඒක විශ්වාස කරලා. එයාට තිබුණ ආදරේට, එයා ඒ වගේ දේවලින් ගලවා ගන්න දුවම එයාගේ ෆෝන් එකෙන් පින්තූර අරගෙන ඒ පිරිමි ළමයට යවලා. ඒත් එයා නිල් චිත‍්‍රපටි බලන එක නතර කරලා නෑ. දුව ඒ නිසා නිතරම එයත් එක්ක රණ්ඩු කරලා. අන්තිමට දුව මට කියලා එයාගේ මව්පියන්ට කියලා අවවාද කළ තරහට මගෙ දරුවගෙන් පළිගත්තේ එහෙමයි.
ඔය සිද්ධියෙන් පස්සේ දුව ගොඩක් මානසිකව වැටුණා. හීනෙන් බයවෙලා නැගිට්ටා. ඇඳේ ඉඳගෙන අඬන්න වුණා. මෙයාට ඉස්කෝලේ ගුරුවරුත් ගොඩක් ආදරෙයි. යාළුවොත් ගොඩක් ගරු කළා. ඒත් ඔය සිදුවීම ගොඩක් අය දැනගත්තට පස්සේ එක දිගටම මෙයාට කෝල් ආව අවස්ථා තිබුණා. අද ඒ ගැන කල්පනා කරලම ඒ දුක දරාගන්න බැරුව මෙයා නිහඬ වෙලා. දැන් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නනවා. ඒත් මෙයා ඒ පරිසරයෙන් ඈත් කරන්න  ඕනෑ නිසයි අපි අනුරාධපුරේ ආවේ. ඉස්සර මෙයා ගොඩක් ආසයි උඩමළුවට එන්න. මට  ඕන කොහොම හරි මගෙ අහිංසකීව සනීප කරගන්න.
සැබැවින්ම ඛේදනීය ඉරණමකි. ආදරය සුන්දරය. එම සුන්දර ආදරය තුළ විශ්වාසය, ගෞරවය, ආරක්ෂාව ආදී බොහෝ දේ තිබිය යුතුය. අද පවතින ඒකාකාරී අධ්‍යාපන රටාව මත ළමයින්ගේ පරිකල්පන ශක්තිය හීන වී ඇත. දහම් අධ්‍යාපනයක් නොලබන දරුවෝ පින, පව, සංස්කෘතිය, සදාචාරය, කර්මඵල පිළිබඳ කිසිදු හැඟීමකින් තොරව අර්ථ විරහිත ජීවිත ගත කරති.

ඒ වෙතින් නොදැනුවත්වම ඔවුන් ඔවුන්වම විනාශ කර ගනිමින් සමාජය ද කෙළෙසා දමයි. නව තාක්ෂණය අවශ්‍යය. එහෙත් එය භාවිතය දැලි පිහියෙන් කිරි කෑමක් බඳුය. එබැවින් ජීවිතයට අවශ්‍ය දේ තෝරාගෙන අනවශ්‍ය දේ බැහැර කර තාක්ෂණය භාවිත කළ යුතු බව සිහියට ගත යුතුය.



අද පරිගණක අපරාධ දවසින් දවස වැඩිවෙනවා. ඊට හේතු ලෙස අප දකින්නේ අන්තර්ජාල භාවිතය පිළිබඳ ඇති නොදැනුවත්කම හෝ ගණන් නොගන්නාකම.
විශේෂයෙන්ම පාසල් යන වයසේ දරුවෝ අද ජංගම දුරකථනයත් පරිගණකයක් කරගෙන. හැම වෙලාවෙම අන්තර්ජාලයේ සැරිසරනවා. අද ෆේස්බුක් ගිණුම් බොහෝදෙනෙක් භාවිත කරනවා. ඒත් ෆේස්බුක් එකක් තියෙන්නේ මොකටද කළ යුත්තේ මොනවද කියන සීමා මායිම් දන්නේ නෑ.
සමහර අවස්ථාවල ෆේස්බුක් එකට ලස්සන පින්තූර, වීඩියෝ පට එනවා. ඒවා බලන්න පාස්වර්ඞ් ගහලා ඒ සයිට්වලට යන්න  ඕනෑ. සමහර දේවල් හොඳ වගේම, හොඳ වගේ එන දරුවන්ට අනුචිත බොහෝ දේත් එහි තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම නිරුවත් පින්තූර වගේම අසභ්‍ය වීඩියෝ දර්ශන. මේ වගේ දේවල් බලපුවහම සාමාන්‍ය විදියට ජීවිතය දකින දරුවෙක් අසාමාන්‍ය වෙනවා. ඒකට ඇබ්බැහිවෙනවා. ඒ නිසා අධ්‍යාපනය කඩාවැටීම් සිදුවෙනවා. විශේෂයෙන්ම පාසල් යන දරුවන්ගේ අතට අන්තර්ජාල භාවිතය පත්කරද්දි ඔවුන් යන සයිට්, ඔවුන් බලන කරන දේවල් හොයා බලන්න මව්පියෝ දැනුම්වත්වෙන්න  ඕන.
ඒ වගේම තරුණ ගෑනු ළමයි තමන්ගේ හොඳම යාළුවා, යෙහෙළිය, ඥාතියා, ආදරවන්තයා යන මේ කවුරු කිව්වත් තමන්ගේ නිරුවත් පින්තූර අන්තර්ජාලයට මුදාහරින්න එපා. ඒ වගේම ස්කයිප් එකක් ඉදිරියේ නිරුවත් වෙන්න එපා. අද ළමයි තාවකාලික ගැටලූවලට පිළියම් විදියට අන්ධානුකරණයෙන් අදහන අන්තර්ජාල පෙම්වතුන්ට රැුවටෙනවා. ඔවුන් කියන හැමදේම කරනවා. අන්තිමට ජීවිතය වරද්දා ගන්නවා. අන්තර්ජාල භාවිතයේදී කල්පනාකාරී වෙන්න. ඔබට ආත්ම ගෞරවයක් තියනවා. ඔබ ආරක්ෂා කරගත යුතු දේවල් තියනවා.
ඔබේ මව්පියෝ දිවා රෑ නොබලා මහන්සි වෙන්නේ ඔබේ ජීවිත සුඛිත මුදිත කරන්න. ඒ නිසා එයාලගෙ ජීවිතවලට කඳුළු දීලා, ඔබ සමාජය ඉදිරියේ අසරණවන්න, පිළිකුලට, හිනාවට බඳුන් වන චරිතයක් වෙන්න එපා. බුද්ධිමත්ව අන්තර්ජාලය භාවිත කරන්න. ජීවිතයට වැදගත් යයි පෙනෙන දේ පමණක් ගන්න. ජීවිතයට අනවශ්‍ය දේ එකතු කරගෙන විනාශ වෙන්න එපා.








School Girls Sad Story



ඉස්සර වගේ රීලෝඩ් හොයාගෙන යන්න එපා. 
දැන් රීලෝඩ් මෑන් ඔබව හොයාගෙන එනව.


බස් හෝල්ඩ්, රේල් ස්ටේෂන් ගානේ තැබිලි පාට කිට ගහගෙන ඉන්නා රීලෝඩ් මෑන් ඔයාලව හොයාගෙන එයි.කමතිති අයට ඉතා ඉක්මනිම්ම ඔයාලගේ දුරකථනය රිචර්ච් කරගන්න පුළුවනි 




මේ මෑන්ට dialog mobitel airtel etisalat hutch  ඔය ඕනෑම නෙට්වර්ක් එකකට රිලෝඩ් දාන්න පුළුවනි එහෙනම් ඔයාලට මේ මැන්ව හම්බුනහම රිලෝඩ් එකක් දාගෙනම බලන්නකෝ.





විස්තර හා චායරුප techwire.lk



Welcome Reload Man



වර්තමාන සමාජයේ තරුණයින් බොහොමයක් තමාට මෝටර් රථයක් තිබේ නම් එහි සයිලන්සර් කට වෙනස් කර මෝටර් රථයෙන් පිටවන ශබ්දය එහෙමත් නැත්නම් beat එක වෙනස් කර අධික වේගයෙන් ගමන් කිරීමට විලාසිතාවක් කරගෙන.
මෙහෙම වේගයෙන් වාහනයක් පදිනවනම් සැලකිය යුතු කරුණු කිහිපයක් තියෙනවා.
ඉන් එකක් තමයි ABS තිරිංග පද්ධතිය.ABS තිරිංග පද්ධතියක් පලමු වරට නිෂ්පාදනය වූයේ ගුවන් යානා සඳහායි. ඒ 1929 ප්‍රංෂ වාහන හා ගුවන්යානා නිර්මාපකයෙකු වූ ගේබ්‍රියල් වයොසන් විසිනුයි. මෙය යාන්ත්‍රික පද්ධතියක් වූ අතර, ජව රෝදයක් මගින් ක්‍රියාත්මක විය. 

ඉන් පසු මෙය ගුවන් යානා සඳහා භාවිත වුවද මෝටර් වාහන සඳහා භාවිත වීමට ආරම්භ වූයේ 1960 පසුවයි. Ferguson P99 රේසින් කාරය, Jensen FF, ෆොර්ඩ් Zodiac යනාදී මෝටර් වාහන වල භාවිත කලද එය ජනප්‍රිය නොවූයේ නිෂ්පාදනයට වැය වු මිල අධික වීම හා ප්‍රායේගික ගැටළු හේතුවෙනි.
කෙසේ නමුත් වර්තමානයේ නිපදවෙන සෑම මෝටර් වාහනයකම පාහේ ABS තිරිංග පද්ධතියක් සහිතව නිෂ්පාදනය කරනු ලබයි.
ABS යන සංකේත නාමයේ අර්ථය Anti-lock Braking Syatem ලෙස හඳුන්වයි.
එනම් වාහනයේ රෝද ස්ථිරව හිර වීමකින් තොරව තිරිංග යෙදවීමට හැකි තිරිංග පද්ධතිය යන්නයි.
මෙම ක්‍රමය මගින් මෝටර් වාහනයක තිරිංග ක්‍රියාකාරිත්වය ඉතා ආරක්ෂාකාරීව, කෙටි කාල පරාසයකින් ඉටු කර ගැනීමට හැකියාව ලැබෙයි.
මෙහිදී තිරිංග ක්‍රියාත්මක කළ විගසම මෝටර් වාහනයේ සියලුම රෝද වෙත තිරිංග ක්‍රියාත්මක වී රෝද හිරවීමක් හෙවත් ලොක්(Lock) වීමක් සිදු වේ. 
තිරිංග පැඩලය සෙමින් පාගමින් වාහනය සෙමින් නවතා ගන්නා අවස්තා වලදි නම් රෝද වල හිර වීම ක්ෂණිකව සිදු නොවන අතර වාහනය සම්පූර්ණයෙන් නවතා ගැනීමට වැඩි කාලයක් ගත වේ.
එහෙත් වාහනය ක්ෂණිකව නවතා ගැනීමට අවශ්‍ය වූ විට ඉතා කෙටි කාලයක් තුලදී වාහනයේ තිරිංග ක්‍රියාත්මක වී රෝද හිර වීම සිදු වේ.
මෙසේ එකවරම වාහනයේ රෝද හිර වීම නිසා වාහනයේ රෝද හා මාර්ගය අතර පවතින සම්බන්ධතාව හෙවත් ඝර්ෂණය ගිලිහී යාම හේතු කොටගෙන වාහනය මාර්ගය මත ලිස්සා යාමට පටන් ගනී.
මේ හේතුවෙන් වාහනයේ පාලනය රියදුරා අතින් ගිලිහී යයි. එබැවින් වාහන අනතුරු ඇතිවීමේ හැකියාව වැඩිවේ.වංගු සහිත මාර්ගයකදී නම් මෝටර් වාහනය ඉක්මනින් මාර්ගයෙන් ඉවතට විසි වීම සිදු විය හැක.
විශේෂයෙන්ම දෘඩ තිරිංග යෙදීම් වලදී මේ අකාරයට සිදුවන මෝටර් වාහනයේ පාලනය ගිලීහීම හා මෝටර් වාහනය මාර්ගයෙන් ඉවතට විසි වීම වලක්වා, රියදුරු පාලනයට කීකරුව ඉතා අඩු කාලයකින් මෝටර් වාහනය ආරක්ෂාකාරීව නවත්වා ගැනීමට ABS තිරිංග ක්‍රමය නිසා හැකියාව ලැබී ඇත.
ABS පද්ධතියක් ප්‍රධාන උපාංග 4කින් සමන්විත වේ. ඒවා නම්
1. වේග ස්ංවේදක - Speed sensors
වාහනයේ එක් එක් රෝදය කැරකෙන වේගය කුමක්ද යන්න ඉලෙක්ට්‍රොනික පාලක ඒකකයට ලබා දීම සඳහා මෙය යොදා ගනු ලබයි. 
2. වෑල්ව - Valves
සාමාන්‍ය තිරිංග පද්ධතියක ද අපට වෑල්ව දැක ගත හැකිය. මේවා බොහෝවිට වාහනයේ ඉදිරිපස හා පසුපස රෝද වලට වෙන වෙනම හයිඩ්‍රොලික් සැපයුම ලබා දීම සඳහා මාස්ටර් පොම්පය සමග පිහිටනු ලබයි. 
3. පොම්පය - Pump
වෑල්වයක් හරහා හයිඩ්‍රොලික් පීඩනය මුදා හැරිය පසු නැවත වෙනත් වෑල්වයක්ට හයිඩ්‍රොලික් පීඩනය ලබා දීමට අවශ්‍ය පීඩනය උත්පාදනය කිරීමට මෙය ABS පද්ධතියට සම්බන්ධ කොට ඇත. 
4. ඉලෙක්ට්‍රොනික පාලක ඒකකය - ECU (electronic control unit)
තිරිංග යෙදූ පසු රෝද වල වේගය මැන බලා ඊට අදාලව රෝද වෙත හයිඩ්‍රොලික් පීඩනය යැවීම හා නිදහස් කිරීම සඳහා නිර්මාණය කරඇති ඉලෙක්ට්‍රොනික උපාංග සහිත කොටසකි. 
වාහනයේ බර, ගමන්කල හැකි වේගය, නිෂ්පාදක සමාගම වැනි කරුණු අනුව මෝටර් වාහනයක සවිකරන ABS පද්ධතියේ වර්ගය එකිනෙකට වෙනස් වේ.

Chanuka Cs@


Speed Driving Vehicle


Popular Posts