background img

The New Stuff

How to save your phone in water attack



ජංගම දුරකතනයක් භාවිතා කරන ඔබට නිතරම වාගේ මේ ප‍්‍රශ්ණය පැන නැගෙන දෙයකි. ඇතැම්විට ඔබත් මේ තත්ත්වයට පත් ව සිටිය හැකි ය.
සැබැවින්ම අපේ ජංගම දුරකතනය වතුරට වැටුනහොත් කළ යුත්තේ කුමක් ද ? දුරකතනය පිළිබඳ ආශාව අත්හැර දමා අලුත් දුරකතනයක් මිල දී ගැනීම බව ඔබ සමහරවිට සිතිය හැකි ය. එහෙත් ඔබ ඉක්මන් වුවහොත් ඔබේ ආදරණීය දුරකතනය ජලයෙන් සිදුවන ආපදාවලින් රැක ගැනීමට ඔබටත් පුළුවන්.
නාන කාමරයේ මුහුණ සෝදනවිට ජල භාජනයට හෝ සින්ක් එකට වැටුණු ජංගම දුරකතන පාරේ යන විටෙක අත ලිස්සා කාණුවට වැටුණු ජංගම දුරකතන මෙන් ම මහ වැස්සේ තෙමි තෙමී ගෙදර එනවිට අමතක වී සාක්කුවේ දමාගෙන ඒම නිසා දියබත් වූ ජංගම දුරකතන යන එකී, මෙකී, නොකී සියළුම ජල දෝශවලට බඳුන් වූ ජංගම දුරකතනයන් ජලයෙන් සිදුවන හානිවලින් වළක්වා නැවතත් යථා පරිදි ක‍්‍රියාත්මක තත්ත්වයට ගෙන ඒම ගැන ඔබට කියන්නයි මේ සූදානම.
වතුරට වැටුණු ජංගම දුරකතනය හැකි ඉක්මනින් ජලයෙන් ඉවත් කරන්න. කිසි විටෙකත් දුරකතනය on  කරන්න එපා. දුරකතය on වුවත් නැතත් එය වියලිය යුතුයි.
කලබල නොවන්න. ඔබේ ජංගම දුරකතනය වතුරට වැටුණු සැනින් එය ඉවත් කර ගන්නේ නම් ඊට හානියක් නොවී පැවතීමේ ඉඩකඩ වැඩි ය. බැටරිය ගලවා ඉවත් කරන්න. එය ඉතා වැදගත් කාරණයක් බව තරයේ සිහි තබා ගන්න.
දුරකතනය කවරය මත ඇති ගැළවිය හැකි හා විවෘත කළ හැකි සියළු   කවුළු හැර දමන්න. සිම්පත ගලව ඉවත් කරන්න. දුරකතනය හොඳින් පිස දමන්න. දුරකතනය තුළ එක් වතුර බින්දුවක් හෝ රැඳී තිබුණහොත් එය දුරකතනයේ පරිපථ සම්බාධක දිරා යාම කෙරේ බලපායී.
වැකුම් ක්ලීනරයක් භවිතා කරන්න. ඔබේ ජංම දුරකතනයේ අභ්‍යන්තර ඇහුමුළුවට වැදී ඇති තෙතමනය ඉවතට ඇද ගැනීමට ඔබට වැකුම් ක්ලීනරය භාවිත කළ හැකි ය. 
ජල ආකර්ශක ද්‍රව්‍යයක් සමග දුරකතනය බහා තබන්න. සහල් අඩංගු භාජනයක් තුළ දුරකතනය තැබීමෙන් දුරකතනය තුළ ඇති තෙතමනය උරා ගනී. මේ සඳහා තෙතමන අවශෝක පැකැට්ටුවක් (සිලිකා) භාවිත කළ හැකි ය. ඉන් අනතුරු ව තෙතමනය උරා ගන්නා රෙදි කඩක් හෝ කඩදාසි භාවිතා කරන්න.
පරීක්ෂා කර බැලිය යුත්තේ මෙම සියළු කාර්යන් සිදු කිරීමෙන් අනතුරුවයි. අවම වශයෙන් පැය 24 ක් හෝ හැකි නම් ඊට වඩා වැඩි කාලයක් ඉවසා සිටීමෙන් පසු ව පමණක් පළමු වරට පරීක්ෂා කිරීම සඳහා දුරකතනය on කළ හැකි ය.
දුරකතනයේ සියළු කොටස් වියලී ඇත්නම් පමණක් බැටරිය සම්බන්ධ කර දුරකතනය on කරන්න. එය on වූයේ නැත්නම් බැටරිය ගලවා දමා චාජරය පමණක් සම්බන්ධ කර on කරන්න. ඒ වනවිට එය on වේ නම් ගැටළුවව ඇත්තේ බැටරියේ ය.
දැන් කිසිසේත් ම ජංගම දුරකතනය on නොවේ නම් ඉහත ක්‍රියා පිළිවෙත නැවත අනුගමනය කර බලා ඒ සම්බන්ධයෙන් අදාල කාර්මිකයෙක් වෙත එය යොමු කළ යුතුයි. ඇතැම්විට දුරකතනය on වුව ද අසාමාන්‍ය ලෙස ක්‍රියා කරයි නම් බොහෝ විට දෝෂය ඇත්තේ යම් පරිපථ අග්‍රයක් shortවී ම නිසා විය හැකි ය. දුරකතනය off කර නැවත ලවා පරිපථ චිප්වල අග්‍ර යෙන් බුරුසුවක් ආධාරයෙන් හොඳින් පිස දමන්න. අවශ්‍ය නම් මේ සඳහා සර්ජිකල්ස්ප්‍රීට් භාවිත කළ හැකි ය.

http://futuretechnologyforsrilanka.blogspot.com/


0 comments:

Post a Comment

Popular Posts