background img

The New Stuff


මේකනම් ගොඩක්  අයට වටින software එකක් 
කවුද  කැමති desktop එක  ලස්සන  කරගන්න එ අයට තමයි  මේක 
මෙකෙන් පුලුවන්  Desktop එකට  මල් ,කොළ ,හිම ,heart වැටෙනවා වගේ දාන්න 
ක windows xp/7/8/8.1/10 වැඩ


මෙන්න screenshot ටිකක්






මුලින්ම software එක  download කරගන්න 
දැන් winRAR file එක  desktop එකට  extract කරගන්න 
ඊලගට desktop එකට ගිහින් ඔයා extract කරපු  file එක open කරන්න 
දැන් හිම වැටෙන ගමන් මෙහෙම  window එකක් එයි 

flakes:-මෙකෙන් පුලුවන්  ඔයාට අවශ්‍යය  ප්‍රමාණය  දාන්න 
transparency:-මෙකෙන් කරන්නේ  මල් වල  විනිවිදභාවය දාන එක 
speed:-මෙකෙන් වෙන්නෙ වැස්සේ  වේගය  වෙනස්වෙන එක
image/texture:-මෙතනින් තමයි  ඔයාට  අවශ්‍යය මල්ද කොළද කියලා තොරන්නේ 
(මෙකේ මල් කොළ විතරක් නෙමේ තියෙන්නෙ තව එවා ඇති  )
deactivation:-වැස්ස නැවැත්වෙන  කාලය හදන්නෙ මෙතනින් 
algorithm:-මෙකෙන් කරන්නේ  වැස්සේ  දිශාව  හදන්නේ 
active/deactivate:-ඔය වැස්ස නවත්තන්නෙ මෙකෙන් 
start with windows:-මෙකෙන්  කරන්නෙ windows on වෙනකොට  වහින්න පටන්ගන්න එක හදන එක 

යාලුවන්ටත් බලන්න |S|H|A|R|E| කරන්න



Admin ගේ පණිවුඩය

ආයුබොවන් ඔයාලා ඔක්කොටම. " FutureTechnologyForSriLanka™" වෙත සාදරයෙන් පිලිගන්නව.මෙම බ්ලොග් එක කියවන ඔක්කලාම comment එකක් දාල යන්න අමතක කරන්න එපා...අඩුපාඩු උනත් කමක් නෑ.වෙන බ්ලොග් වගෙ ටික දවසකින් නතර වෙන් නෑ.හැමදාම Super දෙයක් බෙදාගන්නව ඇරෙන්න...මේ යුගයේ No1 බ්ලොග් අඩවියයි. "ආදේශක නොමැත".
Chanuka cs@



heart Rain On Your Desktop Read More..




folders වලට colors දාගන්න පුළුවන් පහසු ක්රමයක්
මේකට පොඩි software එකක් ඕනි වෙනවා. මුලින්ම එක මෙතනින් කරගන්න


ඉතින් පුරුදු විදිහට software එක install කරගන්න... 

ඊට පස්සේ ඕනිම folder එකක් right click කරලා කැමති color එකක් add කරගන්න පුළුවන්..
යලුවන්ටත් බලන්න |S|H|A|R|E| කරන්න

Colour your folders (1.2MB only)




Free Dawnload PDF file 2 mb only


chanuka cs@

1 - 100 Transistor Circuits PDF Book 2MB only





 මේකත් අර කැරපොත්තො දාපු  software එකෙම තව එකක් හැබැයි මෙකෙනම් ඉන්නෙ මැස්සො 
මෙකෙත් පොඩි ආතල් එකක් තියෙනවා  මේ ඉන්න මැස්සො බොරු උන් කියලා  හිතාගන්න බැ 
මෙකනම් යාලුවන්ගෙ pc එකකට ගේමක් දෙන්න පුලුවන් නියම 

software එකක් 
(විශේෂයෙන් කෙල්ලන්ගෙ pc වලට)
Windows xp/7/8/8.1/10 හැම එකේම වැඩ 

Download කරලම බලන්න 

 
යාලුවන්ටත් බලන්න SHARE කරන්න.


chanuka cs@

Fly on Desktop ( 812 kb only)




කාර්යබහුල දිවියට මද විරාමයක් ලබාදෙමින් පූජනීය නගරයට ඇතුළුවූයේ ශ්‍රීමා බෝ සෙවනේදී සිත් පහන් කර ගැනීමටය.
බෝපත් සිළි සිළි හඬ දෙමින් සිතට බුද්ධාලම්භන ප‍්‍රීතියක් එක් කළ අතර හඳුන්කූරු, පහන් හා මල්වල එකතු වූ අපූරු සුගන්දය පුන්‍ය භූමියේ පහන් සිතිවිළි තවතවත් වර්ධනය කළේය.
ජයසිරි මා බෝ සමිඳු අභියස දොහොත් මුදුන් දී වන්දනා කළ මා කිරි සුදු පාටින් බබළමින් අහස් කුස සිපගැනීමට වෙරදරන සෑ රදුන් දෙසට ගමන් කළෙමි.
”දුවේ ඔයාට මතකද? අපි හැම පෝයකටම මෙහෙට එනවා. මගේ දු මතක් කරන්න රත්තරං”
සවන වැකි ඒ අනුවේදනීය හඬ ආ දෙස මම හැරී බැලූවෙමි.
දිගු සුදු ගවුමකින් සැරසී කොණ්ඩය තනි කරලට ගොතා සිටි සුන්දර තරුණියකි. පෙනුමේ හැටියට ඇයට වයස අවුරුදු 15 ක් හෝ 16 ක් විය හැකිය. කිසිදු හැඟීමක් ඵල නොකළ ඇය සෑරදුන් දෙස අර්ථ විරහිතව බලා සිටියාය. ඒත් ඒ නෙත්හි කුමක් හෝ ලොකු දුකක් වේදනාවක් සැඟවී ඇති බව මට වැටහී ගියේ ඇගේ දෑසෙන් ගලා යන කඳුළු නිසාවෙනි.
ඇය අසල සිටි මැදිවයස් ගැහැනිය ඇගේ අම්මා විය හැකිය. මම ඇය දෙස බැලූවෙමි.

”අනේ බලන්න දුවේ, රත්තරන් වගේ හිටපු මගේ කෙල්ලට වෙච්ච දේ. කතා කරන්නෑ, හිනාවෙන්නෑ, කිසිම දෙයක් කියන්නෑ, බලාගත්ත අතේ බලාගෙන ඉන්නවා. මෙයා මෙහෙම හිටපු කෙනෙක් නෙවෙයි.” ඇගේ දෙනෙතින් කඳුළු කැට කඩා හැළෙන්නට විය. මම ඇය දෙසට හැරුනෙමි.
”ඇයි දුවට මොකද වුණේ”
මම ඇගෙන් විමසුවෙමි. සියලූ සත්ත්වයින්ගේ සිතට සැනසුමක් ලබාදෙන මේ පින්බිමේ සිට ඇය ඒ සෝචනීය පුවත දිග හැරියාය.
”අපි මෙහෙ අය නෙවෙයි දුවේ. අපි ගාල්ලේ. මට ඉන්නේ මේ දුව විතරයි. මගේ මහත්තයා නැතිවුණේ මම තරුණ කාලේ. මේ දරුවා නිසා මම ආයේ විවාහයක් වුණේ නෑ. මම හැමදේම කළේ මේ දරුවා සතුටින් තියන්න. එයාට ඉල්ලන ඉල්ලන දේ ගෙනැත් දුන්නා. ඒත් එයාගේ සැප වෙනුවෙන් භෞතික දේවල් එකතු කරපු මට එයාව ටික ටික ලොකු වෙනවා කියලා හිතුනේ නෑ. මට එයාව තේරුම් ගන්න බැරිවුණා....”
මම යළිත් ඒ අහිංසකාවිය දෙස හැරී බැලූවෙමි. මේ සුන්දර පුංචි කෙල්ලට ඇත්තටම මොකද වුණේ. ඔවුන් ජය සිරිමා බෝ සමිඳුගේ පිහිට ඉල්ලා ශුද්ධ නගරයට පැමිණ ඇත. මම නැවතත් ඒ අහිංසකාවියගේ මව දෙසට හැරුණෙමි.
”මම ගොඩක් මහන්සිවෙලයි මේ දරුවා ලොකු මහත් කළේ. මගෙ දුව ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි. සාමාන්‍ය පෙළ විභාගය හොඳටම පාස්වුණා. එයා විභාගය හොඳට පාස්වුණොත් ලැප්ටොප් එකක් අරගෙන දෙන්න මම පොරොන්දුවෙලා හිටියේ. ඒ නිසා මම දුවට පරිගණකයක් අරගෙන දුන්නා. අපේ ගෙදර මගේ නංගි කෙනෙකුත් හිටියා.
උසස් පෙළ පංති පටන්ගන්න තුරු දුව හිටියේ ගෙදර. නංගී දුවගේ තනියට ඉන්න නිසා මම බයනැතිව වැඩට ගියා. ඒත් දුව හිටියේ වෙනම කාමරයක. එයා පාඩම් වැඩ කරනවා ඇති කියලා නංගිත් වැඩිය එයාගේ කාමරයට ගිහින් නෑ. දුව විද්‍යා අංශයෙනුයි උසස් පෙළ කරන්න බලාපොරොත්තු වුණේ. ඒ නිසා මම ඉන්ටනෙට් ලයින් එකත් අරගෙන දුන්නා.

මම දැනගෙන හිටියේ නැතිවුණාට දහය වසර ඉඳලා දුවට පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබිලා තියෙනවා. එයා ගෙදර හිටියට ඒ ළමයත් එක්ක නිතරම ස්කයිප් එකෙන් කතා කරලා.
දවසක් හයියෙන් කතා කරන සද්දයක් ඇහෙන නිසා නංගි දුවගේ කාමරයට ගිහින්. එයා දොර රෙද්ද අයින් කරලා බලද්දි දුව ඒ පිරිමි ළමයත් එක්ක රණ්ඩු වෙනවලූ. මම හවස ගෙදර ආවහම මේ විස්තරේ නංගී කිව්වා. මම දුවගෙන් ඒ ගැන ඇහුවා.
ඒ පිරිමි දරුවා දුවගෙම පන්තියේ ළමයෙක්. අම්මලා තාත්තලත් වැදගත් අය. ඒ නිසා මම ඒ දරුවත් එක්ක කතා කළා. ඒ ළමයා එයාගේ මව්පියෝ මට මුණගැස්සුවා. අපේ දරුවෝ පුංචි කාලෙදිම ඒ වගේ දේකට අනුබල දීලා අපි ලොකු වැරැුද්දක් කළේ.
ඇයගේ දෑස් අගින් කඳුළු බිංදු ගලාගෙන යන්නීය. සැබැවින්ම එය වරදකි. තාරුණ්‍යයට ආදරය දැනෙයි. ඔවුන් ආදරය සොයා යයි. ඒත් ඉගෙන ගන්නා වයසේ බාලවයස්කාර දරුවන්ට විවාහයක පදනම ඇතිව එවැනි සම්බන්ධතා පවත්වන්නට දීම කොතරම් යෝග්‍යය ද යන්න ගැටළුවකි. ඇගේ එම ලිහිල් ප‍්‍රතිපත්තියම අද ඇයට කඳුළු උරුම කර දී ඇත.
ඒත් එම අහිංසකාවියට මෙම තත්ත්වය උදාවූයේ කෙසේද? තවමත් ගැටළුවකි. මම නැවතත් ඇගේ මව් දෙසට හැරුනෙමි.
”අපි දෙපැත්තෙන්ම කතා කරාට පස්සේ මේ දරුවෝ ගොඩක් හොඳට හිටියා මිස්. ඒත් ආයෙත් කාලයකට පස්සේ දෙන්නා ස්කයිප් එකෙන් නිතර නිතර රණ්ඩුවෙනවා කියලා නංගී කිව්වා. මම දුවගෙන් ඒ ගැන අහලා බැලූවා. එයා කිව්ව දේ මට විශ්වාස කරන්නත් බැරිවුණා දුවේ.’’
”ඒ පිරිමි ළමයා නිතරම නිල් චිත‍්‍රපටි බලනවලූ. ඒවා බලලා දුවත් එක්ක කියනවලූ. දුව ඒකට කැමති නෑ. ඒ නිසා රංඩු වෙනවා කියලා දුව කිව්වා.”
අද අහන්න දකින්න ලැබෙන දේත් එක්ක මම ඉක්මන්වෙලා ගත්ත තීරණේ භයානකකම ගැන හිතුනේ ඒ වෙලාවේ. මට ඉන්නේ දුව විතරයි. මම කැමති නෑ එයා අඬනවා බලන්න. ඒ නිසා මම ඒ දරුවාගෙ අම්මලාට කතා කරලා එයා නිල් චිත‍්‍රපටි බලන එක ගැන දැනුම්වත් කළා. එයාලගේ අම්මලත් ඒ දරුවට අවවාද කරලා තිබ්බා.
එදායින් පස්සේ සතියක් විතර ඒ දරුවා අපේ දුවට කතා කරලා නෑ. දවස් දෙක තුනකින් විතර දුවට එයාගේ යාළුවෝ කතා කරලා එයාගේ නිරුවත් ෆොටෝ ඉන්ටනෙට් එකේ තියන බව කියලා තියනවා. මුලින් දුව ඒක මට හැංගුවා. ඒත් අන්තිමට දුව මට ඒ ගැන කිව්වා.
ඒක එහෙම වුණේ කොහොමද කියලා දුව මට කලින් කිව්වේ නෑ. එයා මුලින්ම කිව්වේ එයාගේ ෆේස්බුක් ගිණුමේ තිබුණ ෆොටෝ අරගෙන වෙනස් කරලා හදලා දාලා තියෙන්නේ කියලා. ඒත් ප‍්‍රශ්නෙ ටික ටික දුරදිග ගිය නිසා එයා මට හැමදේම කිව්වා.
අර ළමයාට නිල් චිත‍්‍රපටි බලන්න එපා කිව්වාම එයා කියලා ඒවා නොබලා ඉන්නනම් දුවගෙ පින්තූර එවන්න කියලා. දුව ඒක විශ්වාස කරලා. එයාට තිබුණ ආදරේට, එයා ඒ වගේ දේවලින් ගලවා ගන්න දුවම එයාගේ ෆෝන් එකෙන් පින්තූර අරගෙන ඒ පිරිමි ළමයට යවලා. ඒත් එයා නිල් චිත‍්‍රපටි බලන එක නතර කරලා නෑ. දුව ඒ නිසා නිතරම එයත් එක්ක රණ්ඩු කරලා. අන්තිමට දුව මට කියලා එයාගේ මව්පියන්ට කියලා අවවාද කළ තරහට මගෙ දරුවගෙන් පළිගත්තේ එහෙමයි.
ඔය සිද්ධියෙන් පස්සේ දුව ගොඩක් මානසිකව වැටුණා. හීනෙන් බයවෙලා නැගිට්ටා. ඇඳේ ඉඳගෙන අඬන්න වුණා. මෙයාට ඉස්කෝලේ ගුරුවරුත් ගොඩක් ආදරෙයි. යාළුවොත් ගොඩක් ගරු කළා. ඒත් ඔය සිදුවීම ගොඩක් අය දැනගත්තට පස්සේ එක දිගටම මෙයාට කෝල් ආව අවස්ථා තිබුණා. අද ඒ ගැන කල්පනා කරලම ඒ දුක දරාගන්න බැරුව මෙයා නිහඬ වෙලා. දැන් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නනවා. ඒත් මෙයා ඒ පරිසරයෙන් ඈත් කරන්න  ඕනෑ නිසයි අපි අනුරාධපුරේ ආවේ. ඉස්සර මෙයා ගොඩක් ආසයි උඩමළුවට එන්න. මට  ඕන කොහොම හරි මගෙ අහිංසකීව සනීප කරගන්න.
සැබැවින්ම ඛේදනීය ඉරණමකි. ආදරය සුන්දරය. එම සුන්දර ආදරය තුළ විශ්වාසය, ගෞරවය, ආරක්ෂාව ආදී බොහෝ දේ තිබිය යුතුය. අද පවතින ඒකාකාරී අධ්‍යාපන රටාව මත ළමයින්ගේ පරිකල්පන ශක්තිය හීන වී ඇත. දහම් අධ්‍යාපනයක් නොලබන දරුවෝ පින, පව, සංස්කෘතිය, සදාචාරය, කර්මඵල පිළිබඳ කිසිදු හැඟීමකින් තොරව අර්ථ විරහිත ජීවිත ගත කරති.

ඒ වෙතින් නොදැනුවත්වම ඔවුන් ඔවුන්වම විනාශ කර ගනිමින් සමාජය ද කෙළෙසා දමයි. නව තාක්ෂණය අවශ්‍යය. එහෙත් එය භාවිතය දැලි පිහියෙන් කිරි කෑමක් බඳුය. එබැවින් ජීවිතයට අවශ්‍ය දේ තෝරාගෙන අනවශ්‍ය දේ බැහැර කර තාක්ෂණය භාවිත කළ යුතු බව සිහියට ගත යුතුය.



අද පරිගණක අපරාධ දවසින් දවස වැඩිවෙනවා. ඊට හේතු ලෙස අප දකින්නේ අන්තර්ජාල භාවිතය පිළිබඳ ඇති නොදැනුවත්කම හෝ ගණන් නොගන්නාකම.
විශේෂයෙන්ම පාසල් යන වයසේ දරුවෝ අද ජංගම දුරකථනයත් පරිගණකයක් කරගෙන. හැම වෙලාවෙම අන්තර්ජාලයේ සැරිසරනවා. අද ෆේස්බුක් ගිණුම් බොහෝදෙනෙක් භාවිත කරනවා. ඒත් ෆේස්බුක් එකක් තියෙන්නේ මොකටද කළ යුත්තේ මොනවද කියන සීමා මායිම් දන්නේ නෑ.
සමහර අවස්ථාවල ෆේස්බුක් එකට ලස්සන පින්තූර, වීඩියෝ පට එනවා. ඒවා බලන්න පාස්වර්ඞ් ගහලා ඒ සයිට්වලට යන්න  ඕනෑ. සමහර දේවල් හොඳ වගේම, හොඳ වගේ එන දරුවන්ට අනුචිත බොහෝ දේත් එහි තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම නිරුවත් පින්තූර වගේම අසභ්‍ය වීඩියෝ දර්ශන. මේ වගේ දේවල් බලපුවහම සාමාන්‍ය විදියට ජීවිතය දකින දරුවෙක් අසාමාන්‍ය වෙනවා. ඒකට ඇබ්බැහිවෙනවා. ඒ නිසා අධ්‍යාපනය කඩාවැටීම් සිදුවෙනවා. විශේෂයෙන්ම පාසල් යන දරුවන්ගේ අතට අන්තර්ජාල භාවිතය පත්කරද්දි ඔවුන් යන සයිට්, ඔවුන් බලන කරන දේවල් හොයා බලන්න මව්පියෝ දැනුම්වත්වෙන්න  ඕන.
ඒ වගේම තරුණ ගෑනු ළමයි තමන්ගේ හොඳම යාළුවා, යෙහෙළිය, ඥාතියා, ආදරවන්තයා යන මේ කවුරු කිව්වත් තමන්ගේ නිරුවත් පින්තූර අන්තර්ජාලයට මුදාහරින්න එපා. ඒ වගේම ස්කයිප් එකක් ඉදිරියේ නිරුවත් වෙන්න එපා. අද ළමයි තාවකාලික ගැටලූවලට පිළියම් විදියට අන්ධානුකරණයෙන් අදහන අන්තර්ජාල පෙම්වතුන්ට රැුවටෙනවා. ඔවුන් කියන හැමදේම කරනවා. අන්තිමට ජීවිතය වරද්දා ගන්නවා. අන්තර්ජාල භාවිතයේදී කල්පනාකාරී වෙන්න. ඔබට ආත්ම ගෞරවයක් තියනවා. ඔබ ආරක්ෂා කරගත යුතු දේවල් තියනවා.
ඔබේ මව්පියෝ දිවා රෑ නොබලා මහන්සි වෙන්නේ ඔබේ ජීවිත සුඛිත මුදිත කරන්න. ඒ නිසා එයාලගෙ ජීවිතවලට කඳුළු දීලා, ඔබ සමාජය ඉදිරියේ අසරණවන්න, පිළිකුලට, හිනාවට බඳුන් වන චරිතයක් වෙන්න එපා. බුද්ධිමත්ව අන්තර්ජාලය භාවිත කරන්න. ජීවිතයට වැදගත් යයි පෙනෙන දේ පමණක් ගන්න. ජීවිතයට අනවශ්‍ය දේ එකතු කරගෙන විනාශ වෙන්න එපා.








School Girls Sad Story



ඉස්සර වගේ රීලෝඩ් හොයාගෙන යන්න එපා. 
දැන් රීලෝඩ් මෑන් ඔබව හොයාගෙන එනව.


බස් හෝල්ඩ්, රේල් ස්ටේෂන් ගානේ තැබිලි පාට කිට ගහගෙන ඉන්නා රීලෝඩ් මෑන් ඔයාලව හොයාගෙන එයි.කමතිති අයට ඉතා ඉක්මනිම්ම ඔයාලගේ දුරකථනය රිචර්ච් කරගන්න පුළුවනි 




මේ මෑන්ට dialog mobitel airtel etisalat hutch  ඔය ඕනෑම නෙට්වර්ක් එකකට රිලෝඩ් දාන්න පුළුවනි එහෙනම් ඔයාලට මේ මැන්ව හම්බුනහම රිලෝඩ් එකක් දාගෙනම බලන්නකෝ.





විස්තර හා චායරුප techwire.lk



Welcome Reload Man



මෙහෙමයි  මේක එක හදන්නෙ
මුලින්ම  පහල තියෙන txt file එක  Download කරගන්න්න 


දැන්  virus Guard එක off කරන් ඉන්න මොකද අපි  හදන්න යන්නෙ virus එකක් නෙ :)

පියවර 1 - notepad එක open කරගන්න 


පියවර 2 -  දැන් අර  Download කරපු  txt file එක  open කරල  එකෙ තියෙන code එක notepad එකට copy කරගන්න  
code වල  මෙහෙම code එකක් ඇති 
wshshell.sendkeys "_I Love you__"

පියවර 3 - මේකේ  තියෙන I Love you කියන එකට ඔයා කැමති දෙයක් ලියන්න 
eg:- "Happy B`day"
       "I hate you" 
       "This is Virus From Me"
පියවර 4 - හරි දැන්  කරන්න තියෙන්නෙ notepad එකෙ save as ගිහින් එතන file name 
එකට virus.vbs කියලා type කරලා save කරන්න 
(virus කියන එක වෙනුවට කැමති  නමක් දාගන්න එත් .vbs කියන එක වෙනස් කරන්න එපා )
පියවර 5 - දැන් ඔයා save කරපු file එක open කරලා notepad හරි  web broweser එකේ 
හරි කොහේ හරි type කරන්න තියෙන තැනකට ගිහින් බලන්නකෝ 
පියවර 6 - ඔක අයින් කරන්නෙ මෙහෙමයි 
task manager (keybord එකේ ctrl+alt+delete තුනම ඔබන්  ඉන්න ) එකට ගිහින්  එතන procesces වල ඇති  wscript කියලා එකක් එක click කරලා end process කරන්න.


ඔක  හැදුවට  ඔයට ඔකෙන්  වැඩක් ගන්නනම් යාලුවෙක්ට  ඔයා හදපු file එක යවලා  බලන්න 
ඔයාට ඔක  හදාගන්න අමාරුයි  වගේ නම්  මෙන්න  මම හදපු file එක download කරගන්න 

ඔය file eka යාලුවෙක්ගෙ b`day එකට යවලා බලන්නකෝ 
windows XP/7/8/8.1/10 වල වැඩ
තේරෙන් නැති  තැනක්  තියෙනවනම් comment දාලා කියන්න.
ඉතින්  යාලුවන්ටත් බලන්න |S|H|A|R|E|කරන්න.

chanuka cs@
chanukacs4g@gmail.com

How To Make I Love you virus


Popular Posts